සුබ පෙරමග ලකුණු පේනවා.. තරුණයන් පාස්පෝට් පෝලිම්වල ඉන්නේ විදේශගතව මවුබිමට දායකත්වය දීමටයි..
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර ඉදිරිපත් කර ඇත්තේ ඉතා ප්‍රශස්ත අයවැයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
මෙවර ඉදිරිපත් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම සංවර්ධන අයවැයක් බවද ඔහු පැවසීය.
රටක් ලෙස ජාතියක් ලෙස මේ වන විට යම්කිසි සුබවාදී පෙර මග ලකුණු පෙනෙන්නට ඇතැයි ද ඒ මහතා සදහන් කලේය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
විදේශගතව සිට කොරෝනා වසංගතයේ හේතුවෙන් මෙරටට පැමිණ සිටි විදේශගත ශ්‍රමිකයන් නැවත පාස්පෝට් පෝලිම් වල හිඳිමින් හෝ නැවත විදේශගතව මවුබිමට ඔවුන්ගේ දායකත්වය දීමට උත්සාහ දරමින් සිටින බවද ඒ මහතා එහිදී පැවසීය.
සුබ පෙරමග ලකුණු පේනවා.. තරුණයන් පාස්පෝට් පෝලිම්වල ඉන්නේ විදේශගතව මවුබිමට දායකත්වය දීමටයි..
2021-11-16T01:05:00+05:30
Gossip Lanka Hot News





