සහරාන්ට පඩි ගෙව්වා කියා අගමැති මහින්දත් ඇමති කෙහෙළියත් පිළිගත්තා…
‘සහරාන්ට පඩි ගෙව්වා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාත් පිළිගත්තා. නමුත් 2010 ට පෙර සරත් ෆොන්සේකා මහතා හමුදාපති කාලේ සහරාන්ගේ සහය ලබාගත්තේ නැති බව සරත් ෆොන්සේකා මහතා මේ පාර්ලිමේන්තුවේදි කිව්වා’
පාස්කු ප්‍රහාරය පිළිබදව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය.
‘මම කියන්න කැමතියි සහරාන්ට පඩි ගෙව්වා කියලා මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපරාමයේදී පිළිගත්තා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා පුවත්පත් සාකච්ඡාවකදී සහරාන්ට පඩි ගෙව්වා කියලා පිළිගත්තා. ඒ වගේම සරත් ෆොන්සේකා මහතා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා එතුමා හමුදාපති කාලේ කිසිම දවසක සහරාන්ගේ සේවයක් ලබාගත්තේ නෑ කියලා. ඒ සියල්ල ලබාගත්තේ 2010 න් පස්සේ කියලා එතුමා මේ පාර්ලිමේන්තුවේදි කියලා තියනවා’
– මාධ්‍ය ඒකකය
සහරාන්ට පඩි ගෙව්වා කියා අගමැති මහින්දත් ඇමති කෙහෙළියත් පිළිගත්තා…
2021-11-13T06:32:00+05:30
Gossip Lanka Hot News






