gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව අයවැය නිසා සෝමාලියාවක් වෙනවා..- විපක්‍ෂ නායක විග‍්‍රහය මෙන්න..

රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙන යන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

අයවැය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කරමින් පේ‍්‍රමදාස මහතා මේ බව පැවසුවේ අද (12) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

“රටේ ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුනේ හිස් ප්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිගය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම, උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක් නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ.කෙටියෙන් කීවොත් මේ අයවැය, සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්.

තමන්ගේ හිතවතුන් සතුටු කරන අයවැයක් මිස, රට ගොඩනගන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ.

කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ,රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට කිසිම වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක්.”

– media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka