දමිළ නියෝජනයක් නැති චෝදනාව ඉවරයි! ‘එක රටක් එක නීතියක්’ බළකායට ජනපති දමිළයන් තිදෙනෙක් පත්කරයි!
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායට තවත් සාමාජිකයන් 03 දෙනෙකු පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂ මහතා කටයුතු කොට ඇත.
ඒ අනුව රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන් මහතා – යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්මිය සහ අයියාම්පිල්ලෙයි දයානන්දරාජා මහතා මෙලෙස පත් කර ඇති බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සභාපතීත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බළකායට දමිළ නියෝජනයක් නොමැතිවීම පිළිබඳ පසුගිය දිනවල දැඩි කථාබහක් නිර්මාණය වී තිබිණ.
දමිළ නියෝජනයක් නැති චෝදනාව ඉවරයි! ‘එක රටක් එක නීතියක්’ බළකායට ජනපති දමිළයන් තිදෙනෙක් පත්කරයි!
2021-11-10T13:38:00+05:30
Gossip Lanka Hot News






