gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වර්ෂාවෙන් අක්කර 35,000ක් විනාශයි.. හානියට පත් වගා බිම්වලට වන්දි…

මේ දිනවල පවතින අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ කුඹුරු ඉඩම්වල හානිය තක්සේරු කොට එම ඉඩම් හිමි ගොවීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මෙම හානි තක්සේරු කර ,සහන ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මේ අනුව ධාරානිපාත වර්ෂාවෙන් හානියට පත් කුඹුරු ඉඩම් හිමියන්ට නැවත වී වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා කාබනික පොහොර ඇතුළු සහනාධාර ලබා දීම සඳහා අදාළ ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (15) උපදෙස් දුන්නේය.

මෙවර මහ කන්නයේ වගා හානිය කුඹුරු අක්කර 35,000 කට වැඩි නොවන බව 15 පස්වරුවේ සූම් තාක්ෂණය ඔස්සේ දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී අනාවරණය විය. ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් වර්ෂා තත්ත්වයක් පවතින නිසා හානිය සත්‍ය වශයෙන්ම තක්සේරු කළ නොහැකි බව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

හානියට පත් කුඹුරු ඉඩම්වලට රජය මඟින් බිත්තර වී සහ කාබනික පොහොර නැවත නොමිලේ ලබා දෙන්නේනම් හානියට පත් කුඹුරු නැවත වගා කළ හැකි බවද ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් ඇමැතිවරයාට සහතික විය.

– ජයසූරිය උඩුකුඹුර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka