පැරදුනු මැති ඇමතිවරුන් 30කට ප‍්‍රභූ ආරක්‍ෂාව…
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මැති ඇමතිවරුන් තිහකට ආසන්න පිරිසකට මාස 15 ක පමණ කාලයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදෙමින් ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
එම පිරිසට අමතරව හිටපු ආණ්ඩුකාරවරුන් පිරිසකට ද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබාදී තිබේ.
පැවැති මහමැතිවරණයේදී පරාජයට පත්වූ මෙම මැති ඇමති පිරිසට ප්‍රභූ ආරක්ෂ නිලධාරීන් දෙදෙනා බැගින් ලබා දී ඇති අතර එම පිරිස ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් ය.
මේ සම්බන්ධයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රී පිරිසකගේ විරෝධය පළවී තිබේ.
පැරදුනු මැති ඇමතිවරුන් 30කට ප‍්‍රභූ ආරක්ෂාව…
2021-11-14T06:45:00+05:30
Gossip Lanka Hot News






