ඇමතිලා 10ක් නිල නිවාස දෙක බැගින් අරගෙන
අමාත්‍යවරුන් දස දෙනෙකු විසින් නිල නිවාස දෙක බැගින් ලබා ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් සඳහා වාර්තා වෙයි.
ඔවුන් අමාත්‍ය වරුන්ගේ නිල නිවාස වලට අමතරව මාදිවෙල මන්ත්‍රී නිවාස භාවිතා කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී.
මෙම තත්ත්වය මත අමාත්‍ය නිල නිවාස දැනට පාවිච්චි කරන ඇමතිවරුන්ගේ ලැයිස්තුව ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
එම ලයිස්තුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තු නිල නිවාස ලබාගෙන අමාත්‍ය නිල නිවාස වලට ගොස් සිටින ඇමතිවරුන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.
ඇමතිලා 10ක් නිල නිවාස දෙක බැගින් අරගෙන
2021-11-13T12:07:00+05:30
Gossip Lanka Hot News






