අමෙරිකාව හදපු කොරෝනා හොඳ වෙන කරල රටවල් ගණනාවක් ඇනවුම් කරයි - ඇයි ලංකාව තවම නැත්තේ?
වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් බහුලව හමුවීමත් සමග මර්ක් සමාගම නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දන කරල් තොගයක් මිලදී ගැනීමට පියවර ගන්නා බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය.
Molnupiravir ලෙස නම් කර ඇති එම ඖෂධය, නියාමන බලධාරීන්ගේ අනුමැතිය හිමිවන පළමු කොවිඩ් මර්දන ඖෂධ කරල ලෙස හඳුන්වයි.
විශේෂඥයින් පවසන්නේ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගතවීම සහ මරණ සැලකිය යුතු ලෙස අඩු කිරීමට මෙම ඖෂධයට හැකියාව ඇති බවය.
එහිදී එම කරල් දිනක ට දෙක බැගින් දවස් 5ක් වැඩිහිටි රෝගියෙක් ගතයුතු බවට නිර්දේශ වී තිබේ.
මේ වනවිට මැලේසියාව, තායිලන්තය, තායිවානය සහ දකුණු කොරියාව ද එම ඖෂධය මිලදී ගැනීමට සැරසෙයි.
අමෙරිකාව හදපු කොරෝනා හොඳ වෙන කරල රටවල් ගණනාවක් ඇනවුම් කරයි - ඇයි ලංකාව තවම නැත්තේ?
2021-10-06T13:31:00+05:30
Gossip Lanka Hot News





