මේ ආණ්ඩු දෙකම කළේ ජාතික සම්පත් විකිණීමයි… දැන් අපිට විකල්පයක් ගැන හිතන්න වෙනවා - අස්ගිරි පාර්ශ්වයෙන් ප්‍රකාශයක්
පසුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් දෙකම කළේ ජාතික සම්පත් විකිණීම බවත් දැන් ඡන්දදායකයන් හැටියට විකල්පය දෙසට හැරීමට තමන්ට සිදුව ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව බව ප්‍රකාශ කළේ ජාතික සම්පත් විකිණීමට එරෙහි ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ (5) පැවති සාකච්ඡාවක දී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාරම්පනාවේ ආනන්ද හිමියන්,
“දේශීය සම්පත් විකුණන එකට අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. අවාසනාවකට මේ රටේ බලයට පත්වන හැම රජයක්ම බලයට ආවට පස්සෙ ඒ එකක්වත් කතා කරන්නේ නෑ. හැබැයි අපේ ඡන්දෙන් බලයට ගිහිල්ලා අවසානයේදී කළේ අපිට පිළිගන්න බැරි දේවල්මයි. ඔය ආණ්ඩු දෙකම කළේ ඔය දේම තමයි. පහුගිය ආණ්ඩුව කාලයේදීත් එහෙමයි, දැනුත් එහෙමයි. දැන් ඉතින් ඡන්දදායක හැටියට අපිට ඊළඟට විකල්පය පිළිබඳව හිතා බැලීම තමයි කළ යුතුව තිබෙන්නේ. මේ ක්‍රමයට තවදුරටත් ගියොත් අපිට රටක් ඉතුරු වෙන එකක් නැහැ”
මේ ආණ්ඩු දෙකම කළේ ජාතික සම්පත් විකිණීමයි… දැන් අපිට විකල්පයක් ගැන හිතන්න වෙනවා - අස්ගිරි පාර්ශ්වයෙන් ප්‍රකාශයක්
2021-10-06T14:03:00+05:30
Gossip Lanka Hot News





