සුදුළූණු වංචාවේ එළියෙ ඉඳන් ගේම ගහපු කෝටිපතියා රහස් පොලිසියෙන් අල්ලයි! ඇතුළෙ අය තවම එළියේ?
විශාල ආන්දෝලනයට ලක්ව ඇති ලංකා සතොස ආයතනයේ සිදුව ඇති බව කියන සුදුළූණු වංචාවට අදාළ එම සුදුලූනු තොගය මිලදී ගත් බව කියන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මොහු මේවා යළිත් වැඩි මුදලකට සතොසට ආයතනයට අලෙවි කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු හෙට (7) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සුදු ලූනු වංචා සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මුලින්ම පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර පසුව එය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.
සුදුළූණු වංචාවේ එළියෙ ඉඳන් ගේම ගහපු කෝටිපතියා රහස් පොලිසියෙන් අල්ලයි! ඇතුළෙ අය තවම එළියේ?
2021-10-06T19:48:00+05:30
Gossip Lanka Hot News






