gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවේ නැති සියලු පක්ෂ නොවැම්බර් 11දා සන්ධාන ගතවෙයි

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලුම පක්ෂ ලබන මස (නොවැම්බර්) 11 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීම සඳහා සියලු පියවර ගන්නා බව එම සන්ධානයේ මහලේකම් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු බඳවා ගැනීම සඳහා  පැවැති සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදීය.

සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (27) පැවැත්විණි. 

එම අවස්ථාවට දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක යන රාජ්‍ය ඇමැතිවරු ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් සිල්වා ද සහභාගි වූහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය අපේ රටේ ශක්තිමත් දේශපාලන බලවේගය බවට පත් කිරීමට ඉදිරි දිනයක දී තවත් සුළු පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරන බවද ඔහු කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධාන කටයුතු කිසිදු අඩුපාඩුවකින් තොරව කරගෙන යන බවත්, සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශක්තිමත් කරන බවත් සඳහන් කළ ඇමැතිවරයා වැඩිදුරටත් කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා එක්වෙන කිසිදු දේශපාලන බලවේගයක් ප්‍රතික්ෂේප නොකරන බවයි.

‘‘මැතිවරණයක් ජය ගැනීමට නම් සියලු පක්ෂවල සහයෝගය ලබා ගත යුතුයි .එසේ නොමැතිව කිසිදු පක්ෂයකට වර්තමාන දේශපාලන ධාරාවේ තනිව තරග කොට ජය ලැබිය නොහැකි බව ඔප්පු වී තිබෙනවා.

හැමදාම ආණ්ඩු පිහිටුවා ඇත්තේ සන්ධානගත වීමෙන් ම පමණයි. විශේෂයෙන් වමේ ආණ්ඩු ලෙස සැලකෙන රජයන් පත් වූයේ සන්ධාන මගින් මයි. ඒවගේම වත්මන් ආණ්ඩුව කඩාකප්පල් කිරීමට කිසිම අදහසක් නැහැ ඒ පිළිබඳව ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.’’

එමෙන්ම ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවලට වෙනත් වරප්‍රසාද ලබා දී ඔවුන්ගේ සහාය ගැනීමට තීරණයක් ගෙන නොමැති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය වත්මන් රජයට ප්‍රබල සහයෝගයක් ලබා දෙන බව ද ඇමැතිවරයා පැවසීය.

දේශපාලන බලවේගයක් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට සහාය දක්වන කවර පක්ෂයකට වුවත් සන්ධානය සමග එකතුවීමට අවස්ථාව තිබෙන බවත් ආණ්ඩුවේ-විපක්ෂයේ පක්ෂවලට වූව ද සන්ධානයට එක්විය හැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka