'අපි වාහන පර්මිට් එකට අපේ ආත්මය පාවාදෙන්නේ නෑ' - කාදිනල් හිමිපාණන්ගෙන් යළි බරපතළ ප්‍රහාරයක් - (video)
දේශපාලන වාසි සහ දේශපාලන වුවමනා එපාකම් මත පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවන බව පෙනෙන්නට ඇතැයි අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ. උන්වහන්සේ් පෙන්වා දුන්නේ අද කිසිවකුටත් රටේ සැබෑ ප්‍රශ්න විසදන්න වුවමනා නැති බවත් රටේ මුදල් අනවශ්‍ය දෑ වෙනුවෙන් වියදම් කරමින් සිටින බවත්ය.
වසර 70ක් තිස්සේ දූෂිත සමාජ ක්‍රමයක් බිහිවී ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ බලවතුන්ට ධනවතුන්ට නීතිය අවශ්‍ය පරිදි හැරවිය හැකි ක්‍රමයක් නිර්මාණය වී ඇති බවද කීහ.
'අපි වාහන පර්මිට් එකට අපේ ආත්මය පාවාදෙන්නේ නෑ' - කාදිනල් හිමිපාණන්ගෙන් යළි බරපතළ ප්‍රහාරයක් - (video)
2021-10-04T21:54:00+05:30
Gossip Lanka Hot News





