ෆේස්බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටෙයි
ෆේස්බුක්, ඉන්ස්ටර්ග්රෑම් සහ වට්ස්ඇප් සමාජ ජාලා වෙබ් අඩවි හඳිසි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. බොහෝ රටවල පරිශීලිකයින්ට මෙම සමාජ ජාලා වෙත පිවිසීමට නොහැකි බවයි වාර්තා වන්නේ.
ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමේදී එහි තම බ්‍රව්සරයට සම්බන්ධ වීමට නොහැකි වූ දෝෂ සහිත පණිවිඩයක් දැක්වෙන බවයි පරිශීලිකයින් පවසන්නේ.
මේ අතර වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්රෑම් අඩවි වලට පිවිසීමට හැකියාව තිබුනද ඒ හරහා පණිවිඩ හුවමාරු කිරීමේ හැකියාවක් නොමැති බවටද පරිශීලිකයින් සඳහන් කර සිටියි.
ෆේස්බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටෙයි
2021-10-04T22:30:00+05:30
Gossip Lanka Hot News





