gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාව සමග රහස් ගිවිසුම් රැසක්.. ඇමරිකා නැවක් බටහිර මුහුදේ රදවන්න අයිතිය දෙයි!

කෙලවරපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව ආණ්ඩුව ගිවිසුම් කිහිපයකට හොර රහසේ එළැඹී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එකී ගිවිසුම් සියල්ල වහා රටට හෙළි කරන්නැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉල්ලා සිටී.

බලාගාරය සඳහා ගෑස් සපයන නළ පද්ධතිය, පාවෙන ගබඩා පද්ධතිය වසර 50කට අධික කාලයකට ගෑස් සැපයීමේ මුළු අයිතිය පවරා ඇමෙරිකානු සමාගමකට ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන ඇති බවත් ඔහු සදහන් කලේය.

ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා හා අදාළ සමාගමේ කළමනාකරුවන් අතර විවිධ වර්ගයේ සාකච්ඡා සිදු කර ඇති බවත් එහි අරමුණ වී තිබෙන්නේ ජාතික සම්පත් හා ව්‍යාපෘති ඇමරිකානු සමාගම වෙත පැවරීම බව ද ඔහු කියා සිටී.

මේ ආකාරයෙන් ජාතික සම්පත් ඇමරිකානු සමාගම් වෙත රහසේ පවරා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙම බලාගාරය ඇමරිකාවට ලබාදීමෙන් ඇමරිකාවට තමන්ගේම වන නෞකාවක් ශ්‍රී ලංකාවට බටහිර වෙරළේ නවත්වා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

මේ හරහා දකුණු ආසියානු කලාපයේ පයගසා ගැනීමට ඇමරිකාවට අවස්ථාවක් හිමිවී ඇති බවද ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka