gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිනමා සහ ටෙළිනාට්‍ය නිළි සමන්තා ඈපාසිංහත් කොරෝනාට බිලිවේ!

අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී මුල් කාලීන ටෙලි නාට්‍ය ගණනාවකින් දක්ෂතාවයන් ප්‍රකට කළ රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ අද(3) දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය. කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය.

කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්,සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද ඇය සිය රංගන දායකත්වය ලබාදී ඇති අතර වේදිකා නිළියක ලෙසද කටයුතු කර තිබේ. 

සෙනෙහෙබර ඩොලී වේදීකා නාට්‍යෙය් රංගනය නිසාද ඇය සම්මානයට පාත්‍රව සිටියාය.රජෙක් වගේ පුතෙක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේදී හොදම නැගී එන නිළිය ලෙස සරසවි සම්මානය දිනා ඇත.

කෙසේ වෙතත් ඇය 2001 දී පමණ එංගලන්තයේ පදිංචියට ගිය නිසා ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත්වූ අතර 2011 ඇය නැවත සිය රට පැමිණියේ ඇයට විදේශයේදී හටගත් රෝගී තත්ව කිහිපයකට ප්‍රතිකාර ලබමිනි.

අනතුරුව ඇය දිගටම ශ්‍රී ලංකාවෙහි රැඳුණාය. ඇය විවාහ ජීවිතයට පිවිස තිබුනේ නැති අතර මව සමග නිවසේ සිටියාය.

මියගිය සමන්තාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුව සිදුවිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka