මාස 6ක් ඇතුළේ සිටි රිෂාඩ් එළියට එයි!
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (14) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියම කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.
මාස 6ක් ඇතුළේ සිටි රිෂාඩ් එළියට එයි!
2021-10-14T14:33:00+05:30
Gossip Lanka Hot News






