ගෘහස්ත ගෑස් මිල හදිසියේ ඉහළ යාම හේතුවෙන් පිටකොටුව ඇතුළුව දිවයින පුරා පිහිටි වෙළඳපොළවලින් භූමිතෙල් ළිප් සහ විදුලි උඳුන් මිලදී ගැනීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් පැවසුවේ පිටකොටුවෙන් භූමිතෙල් ළිප් විශාල වශයෙන් මිලදී ගන්නා බවයි.
ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ට් මඟින් විකල්ප වශයෙන් භූමිතෙල් ළිප මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන බවයි.
