gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට හදන්න පුළුවන් එජාපයට විතරයි.. අවුරුදු පහෙන් බෑ.. 20ක් ඕනෑ - රනිල්

දැනට රට තුළ තිබෙන දේශපාලන ව්‍යාපාර අතරින් රට ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

බලාපොරොත්තුවත් අනාගතයක් අහිමි වූ රට බාර ගෙන නැවත රටට හෙටක් ලබාදීමට සූදානම් බවද ඒ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අවුරුදු පහෙන් පහට රට හදනවා කියා එකක් නැති බව ද අවුරුදු විස්සක්වත් එක මාර්ගයේ යා යුතු බවද හෙතෙම පවසයි.

පක්‍ෂ මාරු වුණාට ප්‍රතිපත්ති මාරු විය යුතු නැති බවද පැවසූ ඔහු ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමට නීතිමය රාමුවක් ඇති කළ යුතු බව තව දුරටත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka