gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

තවත් ලාංකිකයන්ගේ නම් 65ක් පැන්ඩෝරා පේපර්ස්වල

පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළි වීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් හැට පස් දෙනකුගේ පමණ නම් එළිදරව් වීමට නියමිත බවද මන්ත්‍රීවරයා පවසයි.

දැනට හෙළිදරව් වී ඇති පත්‍රිකාවල නිශ්චිත කාලසීමාවක් නම් කර නැති බවද කී ඔහු කිසියම් හෝ ව්‍යාපාරිකයකු මුදල් කොහේ හෝ තැන්පත් කළ පසු රටේ ජනාධිපති ඊට වගකිය යුත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka