ජනාධිපති අදත් විශේෂ ආඥාවක් නිකුත් කරයි!
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව දැනුම් දුන්නේය.
ජනාධිපති අදත් විශේෂ ආඥාවක් නිකුත් කරයි!
2021-10-22T12:38:00+05:30
Gossip Lanka Hot News






