gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදුලූණු වංචාවට ලොක්කෙක්ගේ පුතෙක් අත්අඩංගුවට!

ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණේ බම්බලපිටිය ප්‍රදේශයේදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සුදුලූණු වංචාවට මීට පෙර චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බවයි වාර්තා වන්නේ.

අවුරුදු 25ක් වයසැති මෙම සැකකරු විසින් සුදුලූණු වංචාවට අදාළ කූඨ ලේඛන සකස් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු අද (23) දිනයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka