gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක - මෛත‍්‍රී

මෑත ඉතිහාසය තුළ මෙරට කෘෂිකර්මාන්තය මුහුණ දුන් දරුණුතම ඛේදවාචකයට අද මුහුණ දෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අද ගොවීන්ගේ ලේ වලට දැනෙන මහා පීඩනයක් ඇතිවී තිබෙන බවද පැවසූ ඔහු ගොවියාට යන එන මං නැති වී ඇති බවත් තව ටික දිනකින් තමන්ට ද පොළොන්නරුවේ යාමට හැකි වේ දැයි ගැටලුවක් ඇති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ගුණානුස්මරණ උත්සවයට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරයා එහිදී මෙසේද අදහස් පල කලේය.

‘අද පොහොර ගැන කථා කරනවා. ආහාර අර්බුදය ගැන කතා කරනවා, කෘෂිකර්මාන්තයේ අවුල ගැන කතා කරනවා. ඔබ දන්නවා ද කෘෂිකර්මාන්තය බලපතළ අවුලක. ගොවියා යන එනමං නැති තැනකට වැටිලා. මං හිතන්නේ මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ලොකුම ඛේදවාචකය දැන් සිදුවෙමින් පවතිනවා. මම දන්නේ නෑ ටික දවසකින් මට පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද කියලා. මොකද මෙහෙ එන්න එපා කියයි ද දන්නේ නෑ. ඒ තැනට ගොවීන්ගේ සංවේදීභාවය, ඔවුන්ගේ ලේවලට දැනෙන මහා පීඩනයක් ඇති වෙලා තියෙනවා’


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka