gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තරුණයෙක්ට දීලා යන්න... මැතිනියට දිය හැකි ගෞරවය එයයි

හිටපු අගමැතිනී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ 21 වැනි ගුණ සමරුව වෙනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සිය ෆේස්බුක් පිටුවේ තබා ඇත.

මැතිනිය සමුගෙන අදට වසර 21ක්

බණ්ඩාරනායක අගමැතිතුමාගේ අභාවයෙන් පසු දිනෙන් දින දුර්වල වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වඩා සංවිධානාත්මක සහ ශක්තිමත්ව ගොඩනැගුවේ මැතිනියයි.

ඇය කෙතරම් අසීරූ සහ දුෂ්කර අවස්ථාවකදී වුවත්, පක්ෂ ප්‍රතිපත්ති විනාශ වීමට ඉඩ නුදුන්නාය. කුමන වරප්‍රසාදයක් ඉදිරියේදී වුවත් කිසිදු බලවේගයකට පක්ෂය පාවා නොදුන්නාය. ඊට කදිම නිදසුනක් මම මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමි.

1977 මහා මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් දරුණු අන්දමින් පළිගන්නා අතරතුර ජේ.ආර් ජයවර්ධන මහතා මැතිනියට කැබිනට් අමාත්‍ය ධුරයක් සඳහා ඇරයුම් කළ විට එම ඇරයුම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළාය.

ඒ නිසා ඇය එජාප රජයේ පළිගැනීමට ලක් වුවද, තම පෞද්ගලික ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් එම ඇරයුම පිළිගත්තේ නම්, පක්ෂයට සහ පාක්ෂිකයාට වන හානිය දකින්නට තරම් ඈ දූරදර්ශී වූවාය.
වත්මන් පක්ෂ නායකයන් විසින් අමු අමුවේ විනාශ කරන්නේ මැතිනිය විසින් වසර 40ක් පුරා තම දරුවකු මෙන් රැක බලාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

මැතිනිය වෙනුවෙන් දැක්විය හැකි ගෞරවය සහ උපහාරය නම්, සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැවත මතු කරගැනීමට ශක්තිය ඇති අවංක තරුණ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර ගැනීමයි.

අම්මේ ඔබට නිවන් සුව!


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka