gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"බොරු පොරොන්දු දෙන්න බැහැ, ගෑස් මිල ආයෙත් වැඩි කරනවා" - ලිට්‍රෝ සමාගමෙන් ප්‍රකාශයක්!

මෙරට ප්‍රධාන ගෑස් සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පසුගියදා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා වන මිල රුපියල් 1270කින් ඉහළ දැමීමට කටයුතු කළා. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වන තෙෂාර ජයසිංහ මහතා මෙම මිල වැඩි කිරීම පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ වැඩි කරන ලද මිල ක්ෂණිකව අඩු කරනවා යැයි ජනතාවට බොරු පොරොන්දු දීමට අවශ්‍ය නැති බවයි.

ගෑස් මිල සඳහා ස්ථීරසාර මිලක් ඇති කිරීමට තමන් අවශ්‍ය කටයුතු සුදානම් කරන බවද ඒ මහතා පවසා තිබුණා.

කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ නොකළහොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර වීම අසිරු වන බවද  තෙෂාර ජයසිංහ මහතා සඳහන් කර සිටියා.

රටේ පවතින ආර්ථිකය සම්බන්ධව පවතින තත්ත්වය මහජනතාවගෙන් සැඟවිය යුත්තක් නොවන බවද සභාපතිවරයා පවසා සිටිනවා.

එසේ සැඟවීම නිසා බොහෝ විට ලංකාවේ උද්ගත වන අර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසුවන බවත් ඒ හේතුවෙන් ජනතාව මුළාවට පත්වන බවද හෙතෙම පෙන්වා දෙනවා.

මෙම අවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව උගත් බුද්ධිමත් ජනතාව සවිඥානිකව සිතා බැලිය යුතු බවද ලිට්‍රෝ සභාපතිවරයා පවසා සිටියා.

ඉදිරියේදී ගෑස් මිල සම්බන්ධව තිරසර වැඩපිළිවෙළක් සැලසුම් කෙරෙන බවත් වැඩි කරන ලද මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත්, මිල පහත දැමීමට හැකිවන විධිමත් කලමණාකරණයකට යොමු කිරීමටත් අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කරන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වන තෙෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ සතිපතා පුවත්පතකට අදහස් පළ කරමිනි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka