පළාත් අතර සංචරණ සීමා ගැන නවතම තීරණය
කොරෝනා පාලනය සඳහා පැනවූ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4 ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් විය.
ජනාධිපතිවරයා මේ තීරණය දැනුම් දුන්නේ ඒ රැස්වීමේදීය
පළාත් අතර සංචරණ සීමා මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක විය
පළාත් අතර සංචරණ සීමා ගැන නවතම තීරණය
2021-10-22T13:35:00+05:30
Gossip Lanka Hot News






