gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෞද්ධ සමාජය සංකේතවත් කරන්නේ ඥානසාර හිමියන්ගෙන්නම් එය පිළිගන්න බෑ – ගෙවිදු / ජනාධිපතිට පත්කිරීම් කරන්න කාගෙන්වත් අවසර ඕනෑ නෑ – බැසිල්

“එක් රටක් එක නීතියක්” සකස් කිරීම සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතීත්වයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී උණුසුම් වාද විවාද ඇති වූ බව වාර්තා වේ.

 එහිදී ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා පෙන්වා දුන්නේ ඥානසාර හිමියන් සභාපතීත්වයට පත් කිරීම සුළු ජාතීන් නොව සිංහල බෞද්ධ සමාජයේද විවේචනයට ලක්ව ඇති බවයි.

 මෙහිදී නැගී සිටි යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කියා සිටියේ හැට නව ලක්ෂයක් ජනවරම නියෝජනය කරන්නේ ඥානසාර හිමියන් නම් ඊට එකඟ විය නොහැකි බවයි.

එසේම කමිටුව තුළ බෞද්ධ සමාජය සංඛේතවත් කරන්නේ ඥානසාර හිමියන් ලෙස පිළිගත නොහැකි බව පෙන්වා දුන් ගෙවිඳු කුමාරතුංග මහතා නීති නිර්මාණ කිරීමට නීති කඩ කළ පුද්ගලයින් පත් කිරීම යුක්ති සහගතද යන්න ප්‍රශ්න කළා.

එහිදී දැඩි ස්වරයෙන් කතා කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ 69 ලක්ෂයක ජනවරමක් ඇති ජනාධිපතිවරයාට ඕනෑම පුද්ගලයෙකු පත් කිරීමට කාගෙන්වත් අවසර ගත යුතු නැති බවයි.

එහිදී නැගී සිටි අතාවුල්ලා මහතා සඳහන් කළේ අදාළ පත්කිරීම පිළිබඳ ජනතාවගෙන් එල්ලවන විවේචනය රජයට ඉදිරිපත් කිරීම අපගේ වගකීම බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka