ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ලංකාවට පැමිණෙයි - ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්ටත් තහනමක්!
ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවේන් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (12) දිනයේ උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. හමුදාපතිවරයා සමඟ දූත පිරිස ලෙස එරට යුධ හමුදාවේ උසස් නිලධාරීන් තවත් සිව් දෙනෙකු ද පැමිණ සිටියා.
මෙම ඉන්දීය යුධ හමුදා පිරිස අද (12) දින උදෑසන 11.05 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ‘යූ.එල්.-122’ දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
හමුදාපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.
මෙම අවස්ථාව ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන් සදහා අවසර හිමි නොවීමද විශේෂත්වයක් වුණා.
(ටී.කේ.ජී.කපිල - කටුනායක)
ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ලංකාවට පැමිණෙයි - ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්ටත් තහනමක්!
2021-10-12T14:17:00+05:30
Gossip Lanka Hot News





