gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එකක් කෝටි 7 ගානේ අතයට ලංසුවකට සුපිරි වෙළඳසැල් සඳහා මත්පැන් බලපත් දීමේ සූදානමක් - බුද්ධික

එකක් රුපියල් කෝටි 7ක් බැගින් වූ අතයට ගනුදෙනුවකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර රැසක් සුපිරි වෙළඳසැල් ජාලය සඳහා නිකුත් කිරීමට රජය සූදානමින් සිටින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා චෝදනා කරයි.

"මේ මොහොත වෙනකොට සුපිරි වෙළඳසැල් ජාලයට තවතවත් අරක්කු විකිණීමේ බලපත්‍ර ලබාදෙන්න හදනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී එක මැතිවරණ කොට්ඨාසයක අවම වශයෙන් සුරාසල් අලුතින් 5ක් පෞද්ගලික සුපිරි වෙළඳසැල් තුළ පිහිටුවීමට සාකච්ඡා සිදුවෙමින් යනවා. 

ඒ බලපත්‍ර යන්නෙ රුපියල් කෝටි 7ක අතයට ලංසුවකට, එක බලපත්‍රයක් යන්න යන්නෙ. කෝටියක් ආණ්ඩුවේ නියෝජිතයා වන ආසන සංවිධායකවරයා, සමහර තැනක පාර්ලිමේන්තු මන්ත්‍රී, සමහර තැනක හිටපු පළාත් සභා මන්ත්‍රී, සමහර තැනක ප්‍රාදේශීය සභාවේ සභාපති, එහෙම නැත්නම් ඒ තනතුරක් නොදරන ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයාටත් තව කෝටියක් මේකට විරුද්ධ වෙන බලවේග සමනය කරන්න සහ සහයෝගය දක්වන නිලධාරීන් අතර බෙදලා දෙන්නත් ඉතුරු කෝටි පහ ඒගොල්ලන්ගේ ඉදිරි මැතිවරණ අරමුදල සඳහා පාවිච්චි කරන්නත් හදන්නෙ" 

බුද්ධික පතිරණ මහතා මේ බව පැවසුවේ "දූෂණ විරෝධී බලවේගය" විසින් ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka