ඇල්ලේ බොද්දි මතුවුණු නිධානයක් පස්සෙ ගිය කොල්ලො දෙන්නා ඇල්ලටම බිලි!
බදුල්ල – හාලිඇල ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සේවය කළ පුද්ගලියින් දෙදෙනෙකු ඊයේ (08) රිලා ඇල්ලෙන් ඇද වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවෙකු වන 26 හැවිරිදි අයෙකු සහ වීරකැටිය, හකුරුවෙල පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.
මිතුරන් කිහිපදෙනෙක් එකතු වී මත්පැන් පානය කර ඇති අතර, එක් අයෙක් නිධානයක් ඇති ස්ථානයක් තමාට පෙන්නුම් කරන බව පවසමින් ගල්තලාව මත ට දිවගොස් තිබේ.
ඔහු ලිස්සා ගොස් දිය ඇල්ල ඇති ගල්තලාවෙන් පහතට වැටී ඇති අතර, ඔහුව බේරාගැනීමට ගිය අනෙක් පුද්ගලයා ද ඇදවැටී ඇත.
ඒ පිළිබඳ විස්තර කරන මියගිය පුද්ගලයින්ගේ මිතුරෙක්,
“එක පාරට නැති වුණ එක්කෙනා කිව්වා එයාට යම්කිසි වස්තුවක් පෙන්නනවා කියලා. ඒක ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ. අනිත් අයත් එයාගේ පස්සෙන් ගියා. ඒ ගිහින් තමයි ඇල්ලෙන් පල්ලට වැටුණේ. ආවේශයෙන් දුවගෙන ගියා එතකොට අනිත් එක්කෙනා එයාව අල්ලන්න ගියා. අල්ලනකොට දෙන්නම ලිස්සලා ගියා. කළුවලේ ගියේ.”
බදුල්ල මහරෝහලට රැගෙන එන විටත් දෙදෙනාම මියගොස් සිටි බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
ඇල්ලේ බොද්දි මතුවුණු නිධානයක් පස්සෙ ගිය කොල්ලො දෙන්නා ඇල්ලටම බිලි!
2021-10-10T12:06:00+05:30
Gossip Lanka Hot News






