gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වියදම ඩොලර් මිලියන 5යි! ඇරපු දවසෙ ඉඳන්ම කටුනායක පීසීආර් ලැබ් එක කැඩිලා! වාසිය ගජමිතුරන්ට?

ඩොලර් මිලියන පහක වියදමක් දරමින්, කටුනායක ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කරන ලද පී.සී.ආර්.රසායානාගාරය මේ වන විට අක‍්‍රීය මට්ටමේ පවතින බව වාර්තා වේ. මෙම රසායනාගාරය සැප්තැම්බර් 25 වන දා විවෘත කරන ලද්දේ සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසිනි.

පැයකට 500 ක ධාරිතාවයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 7000 ක් කිරීමේ හැකියාව මෙම රසායනාගාරය සතුව ඇති බව එය විවෘත කරන අවස්ථාවේ දී ප‍්‍රකාශ විය.

පී.සී.ආර් පරීක්ෂණයක් සදහා ඩොලර් 40 ක මිලක් අය කරගනිමින්, ගුවන් තොටුපල හරහා මෙරටට ඇතුළු වන පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීම හා පැය තුනක් වැනි කෙටි කාලයකින් වාර්තා ලබා දීම මෙමගින් අපේක්ෂා කර තිබුණි.

නමුත් මේ වන විට එම රසායනාගාරය කි‍්‍රයාත්මක මට්ටමක නොපවතී.

ගුවන්තොටුපල පී.සී.ආර්. රසායනාගාරය අක‍්‍රීය වීම හේතුවෙන් නැවතත් සුපුරුදු ලෙස විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන් ගසා කෑම අරඹා ඇති බව විවිධ පාර්ශ්ව චෝදනා කරයි.

රසායානාගරය අක‍්‍රීය වීමේ වාසිය, ගජමිතුරු ව්‍යාපාරිකයන් නැවතත් අත්පත් කර ගනිමින් සිටින බව ඕමල්පේ සෝභිත හිමියන් ද පවසයි.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka