gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජගෙදර පාටිය; මධුර ඩ්‍රම්ස් ගහලා; ජනපති මැණිකේ ගැන අහලා දයාසිරි කියයි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 108 දෙනෙකු සහභාගි වූ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති රැස්වීමෙන් පසු සාදය කලකින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ලැබුණු ඉහළම ගණයේ සාදයක් බව වාර්තා වේ.
 
ඒ සම්බන්ධයෙන් මව්රට රාජ්‍ය රහස් තීරය වාර්තා කර ඇත්තේ මෙලෙසය.
 
"රජගෙදර පාටියේ විස්කි-බ්‍රැන්ඩි-තාරා-බැටලු මස්!
 
ඉන් අනතුරුව දැනට රට තුළ මතුව පවතින අර්බූද ගණනාවක් පිළිබඳව අදහස් පළ කළ ජනාධිපතිවරයා පසුව සියලු මැති ඇමැතිවරුන්ට රාත්‍රී භෝජනය සඳහා ආරාධනා කිරීමට පියවර ගත්තේය.
 
ඇත්ත වශයෙන්ම මෙම රාත්‍රී භෝජන සංග්‍රහය කලකින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ලැබුණු ඉහළම ගණයේ සාදයක් බඳු එකක් විය. ඊට හේතු වූයේ සියලු රස මසවුලෙන් සහ විදෙස් මත්පැනින් රාත්‍රී භෝජන සංග්‍රහය සමන්විත වී තබීමය. සාදයට ඌරු මස්, හරක් මස් නොතිබුණු නමුත් ඒ අඩුව මැකී යන්නට බැටලු මස්, තාරා මස් සහ කුකුළු මස් නොඅඩුව තිබිණි. ඉහළම වර්ගවල විස්කි, බ්‍රැන්ඩි සහ වයින් වර්ග සාදයේ කුල්මත් බව ඉහළ නැංවීමට සමත්ව තිබිණි. සාදය තවත් වර්ණවත් කළේ නාවික හමුදාවේ වාද්‍ය වෘන්දයය. මන්ත්‍රී මධුර විතානගේද හොද ඩ්‍රම්ස් වාදකයෙක් බව සියල්ලන්ම දැනගත්තේ සාදය ආරම්භ වී ටික වෙලාවකින් කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයාගේ ආසනයේ මධුර වාඩිවී ඩ්‍රම්ස් ගැසීමට පටන් ගැනීමත් සමගය."

ජනපතිට මැණිකේ මතක් වෙයි!

ඒ අනුව මැතිඇමැතිවරුන් සවුදිය පුරා සාදය නැඟලා යද්දී සියලු දෙනාටම මන්ත්‍රීවරුන්ගේ ගීත ගැයීමේ දොළදුකක් ඇතිව තිබිණි.
 
මේ බව දැනගන්නට ලැබීමත් සමග ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් ගීත ගායනයට දක්ෂතාවක් දක්වන දයාසිරිට කතා කොට ගීතයක් ගායනා කරන ලෙස ආරාධනා කරනු දැකගන්නට ලැබිණි. ඒ අනුව දයාසිරි ජනාධිපතිවරයාට අවශ්‍ය ගීතය කුමක්ද කියා විමසද්දී ජනාධිපතිවරයා කියා සිටියේ යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන ලෙසය.

නයිට්‍රජන් ක්ලෝරයිඩ් දයාසිරි-කාබනික අකාබනික වෙනස දන්නෙ නැති කෘෂිකර්ම ඇමැති

ඒ අනුව මහින්දානන්ද මයික්‍රෝෆෝනය අතට ගෙන දයාසිරිට විහිළුවක් කරමින් ‘නයිට්‍රජන් ක්ලෝරයිඩ් දයාසිරිට ගීතයක් ගායනා කිරීමට මා ආරාධනා කරනවා…’ යැයි කීවේ ජනාධිපතිවරයාද සිනහ ගන්වමිනි. ඊට හේතු වූයේ දයාසිරි කාබනික වගාව විවේචනය කරමින් අදහස් දක්වා තිබීමය. නමුත් දයාසිරිද අතහැරියේ නැත. දයාසිරි මහින්දානන්දගෙන් මයික්‍රොෆෝනය අතට ගත්තේ ‘කාබනික අකාබනික වෙනස දන්නෙ නැති කෘෂිකර්ම ඇමැතිතුමාට ස්තුතියි…’ යැයි කියමින් නැවත වරක් සියලු දෙනාම සිනා සයුරේ ගිල්වමිනි. ඒ අනුව දයාසිරි ‘මැණිකේ මගේ හිතේ’ ගීතයත්, අමරදේවයන්ගේ ගීතයකුත් ගායනා කිරීමෙන් අනතුරුව මහින්දානන්දත්, උද්දික ප්‍රේමරත්නත් ගීත ගායනා කරනු දැකගන්නට ලැබිණි."
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka