gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඔයා පක්ෂ නායකයෙක්ද ගෙවිඳුගෙන් බැසිල් අසයි!

ඉකුත් බ්‍රහස්පතින්දා (28) ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනපති හමුවූ අවස්ථාවේ සභාවේ ආන්දෝලනාත්මක චරිතය බවට ගෙවිඳු කුමාරතුංග මහතා පත්ව සිටි බව වාර්තා වේ.

ඒ ගෙවිඳුද ආණ්ඩුව සම්බන්ධව විවිධ විවේචන මතු කරමින් කතා කරන්නට පටන් ගැනීමත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා තරමක් කෝපව "ඔබතුමා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්නේ. මොකක්ද මෙතනට පක්ෂ නායකයෙක් හැටියට ඇවිල්ල කරන්නේ. ඔහොම කරන්න එපා" යනුවෙන් විමසීම නිසාය.

ගෙවිඳු ඊට පිළිතුරු ලෙස "මම නියෝජනය කරන්නෙ යුතුකම සංවාද කවය"  යැයි පැවසූ බව වාර්තා වේ.

බැසිල් ඊට පෙරළා පිළිතුරු දෙමින් "එහෙනම් මෙතන්ට වියත් මගෙනුත් මිනිස්සු ගෙන්න ඕනා. අර කවයෙන් මේ කවයෙන් මෙතන්ට මිනිස්සු ගේන්නේ නෑ. මෙතැනට එන්නේ පක්ෂ නායකයෝ විතරයි. ඔයා ආවෙ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදියට. කරුණාකරලා ඔය වගේ වැඩ කරන්න එපා" යනුවෙන් බැසිල්ගෙන් ආවේ ගෙවිඳුට කී බවද පැවසේ.

එසේ උස්ඬින් සභාව ඇමතූ බැසිල් " ඕගොල්ලෝ පොඩි පක්ෂ එකතුවෙලා හදනවා ආණ්ඩුව කඩන්න. ඔය වැඩේ මටත් කරන්න පුළුවන්. පොඩි පක්ෂවල මිනිස්සුන්ව මට අරගන්න පුළුවන්. මම එහෙම වැඩ කරන්නේ නෑ. ඔය වගේ කුමන්ත්‍රණකාරී වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා." යනුවෙන් සියල්ලන්ට අවවාදයක්ද කර තිබේ.

බැසිල් රාජපක්ෂගෙන් එවර එල්ල වූ ප්‍රහාරය තරමක් බරපතළ එකක් වූ බැවිස්න විමල් වීරවංශ වහා ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ "බැසිල් ඇමතිතුමා එහෙම හිතන්න එපා. අපි කුමන්ත්‍රණ කරන්නේ නෑ. අපි හදන්නෙ ආණ්ඩුව ආරක්ෂා කරන්න. මේ කරන්නේ සාධනීය දෙයක්." බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka