gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව මුහුදු කොල්ලකරුවන් පාලනය කරන අප‍්‍රිකා රටක් වගේ වෙලා.. යුද්දෙ දින්න කියන අයට මෝල් හිමියන් පාලනය බැරිද..

හාල් මෝල හිමියන් කිහිප දෙනෙකුට රටේ හාල් මිල තීරණය කරන්න ඉඩ දීම මගින් රජය සම්පූර්ණයෙන්ම තමන්ගේ ආත්ම ගරුත්වය විනාශ කරගෙන තියෙනවා. රාජ්‍යයේ වගකීම විනාශ කරගෙන තියනවා. යුද්ධයක් ඉවරකලායයි කියන අය ඒ කියමන ඇත්තනම් ඇයි මේ ව්‍යාපාරිකයන් දෙතුන්දෙනෙක් පාලනය කරගන්න බැරි. ආත්මාර්තකාමී ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් පිළිබදව තව දුරටත් විශ්වාසය තියන්න පුලුවන්ද’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය  බෝධිරාජ ධර්මායතනයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ කියා සිටියේ,

‘රටක ජනතාවගේ ආරක්ෂාව සම්බන්දයෙන් වගකිව යුතු ප්‍රධාන ආයතනය තමයි රජයක් කියන්නේ. රජය වරින් වර ගැසට් නිකුත් කරන්නේ නීති පනවන්නේ චක්‍රලේක නිකුත් කරන්නේ  ඒ ඒ අවස්ථානුකූලව හෙවත් රටේ ජනතාවගේ පාලිත පිරිසේ  යහපත හා ආරක්ෂාව සදහා. වත්මන් රජයේ ඒ ප්‍රතිපත්තිය සම්පූර්නයෙන්ම ව්‍යාර්ත වී තිබෙන බව  මේ මූලික රාජ්‍ය යුතුකම ඉටු නොවන බව පැහැදිලිවන වැදගත්ම සාදකයක් හැටියට පෙනේන්නේ  අද සහල් සම්බන්ධ වෙළදපල.

සහල් වෙළදපල සම්පූර්ණයෙන්ම අද පෞද්ගලික ව්‍යාපාරිකයන් වෙත ලබාදී තිබෙනව. ඔවුන්ගේ අතට පත් කරල තියෙනව. මේක අපේ ජනවහරේ කියනව නම් නරියට කුකුල්කොටුව භාරදීම හා සමානයි. නිෂ්පාදකයින්ට ඉඩ දුන්නොත් තමන්ගේ නිෂ්පාදන වල මිල නියම කරන්න  පාරිභෝගිකයාට කුමක්ද වෙන්නේ. සාමාන්‍ය රටවැසියාට කුමක්ද වෙන්නේ. එහෙම පුතිපත්තියක් රටතුල තිබිය යුතු නැහැ.වගකිවයුතු රජයක් තියෙන්නේ නිෂ්පාදකයින්ට උදව් කරන අතරම  නිෂ්පාදකයාට අවශ්‍ය විදියට නිෂ්පාදන සදහා ඒ අයට උවමනා විදියට මිල තීරණය කරන්න අවසර ලබාදෙන්න නෙවෙයි. නිෂ්පාදන වල මල නියම කරන්නේ රජයයි.

දැන් අද සහල් නිෂ්පාදනය පිළිබද පූර්ණ අධිකාරිය මිල නියම කිරීම පිළිබද අධිකාරිය ප්‍රධාන මෝල් හිමිකරුවන්ට ලබාදීම මගින් තමන්ගේ නොහැකියාව තමන්ගේ වගකීම් විරහිත බව පැහැදිලි කරල තියනව.

අපි දන්නා පරිදි රුපියල් 55 කට වඩා වී අලවි උනේ නැහැ. එසේ තිබියදී සහල් මිල නියම කරනවා රුපියල් 120ට වැඩි ප්‍රමාණයකින්. ඒ අතර ඇඹිලිපිටිය තිස්සමහරාම වැනි ප්‍රදේශ වල රුපියල් 85 ට සහල් ගන්න තියෙනව. පාර අද්දර සාමාන්‍ය වෙලෙන්දන් විකුනනවා හාල් කාලෝ එක රුපියල් 85 කට. ඔවුන්ට එහෙම දෙන්න හැකියාව ලැබිල තියන්නේ කොහොමද. මහා ව්‍යාපාරිකයන්ට හැකියාව තියෙන්න ඕන ඊටත් වඩා අඩුවෙන් සහල් බලා දෙන්න. මොකද ඔවුන් මහා පරිමාණ නිෂ්පාදනයක නියලී සිටින නිසා.

මේ කොරෝනාවෙන් බැටකාල ඉන්න ජනතාවට වඩාත් සංරක්ෂණයක් අත්‍යාවශ්‍ය මොහොතේදී ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට රටේ ජනතාව සූරාකෑමට ඉඩ ලබාදීම මගින්  ජනාධිපතිතුමා රටේ වගකීම සාපරාදීලෙස මගහැරල තියෙනවා. වෙළද අමාත්‍යාංශයක් අවශ්‍ය නැති තැනට පත්වෙලා තියෙනව. වෙළද අමාත්‍යවරයා මේ අර්බුදය නිර්මාණය කල  වගකිව යුතු කෙනා හැටියට ඔහු තමන්ගේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අසිවයි යුතුයි. තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශණය කරමින් මට බැහැ මේක කරන්න  අපිට හයියක් නැහැ මේක කරන්න. ආණ්ඩුවකට බලයක් නැහැ මේ ඉන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහප දෙනා පාලනය කරන්න බැහැ කියල අවංක කතාව කියල තමන්ගේ වගකීම් වලින් වලින් මිදිල ඉල්ලා අස්වීමයි කල යුත්තේ ඒක තමයි ආත්ම කරුත්වයක් තියෙන පාලකයන් ලෝකේ රටේ කරන්නේ.

අවාසනාව මේ නොහැකියාව ප්‍රදර්ශණය කරමින්ම රජයක් ඉඩදීලතියෙනවා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට රට පාලනය කරන්න. බාණ්ඩ නිෂ්පාදනය කරන අයටම බාණ්ඩයේ මිල නියම කිරීමට ඉඩ දෙනවා නම් කුමටද පාරිබෝගික අධිකාරියක්. කුමටද වෙළද ඇමති කෙනෙක්. කමටද වෙළද අමාත්‍යාංශයක් රටේ මහජනතා‍වගේ බදු මුදල් වලින් වැටුප් ලබන එවන් අධිකාරීන් කුමටද. පාතාල නායකයන් විසින් මුහුදු කොල්ලකරුවන් විසින් පාලනය කරන ඇතැම් අප්‍රිකානු රටවල් වගේ ඒ ලෙසය ශ්‍රී ලංකාවත් පත්වෙමින් තිබෙන බව ඉතාමත් පැහැදිලියි.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka