gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැති බන්දුලට ආණ්ඩුව එපා වෙයි! ඇමැතිකමත් එපා කියා දේශපාලනයෙන් සමුගන්න යයි

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මේවන විට තවත් ප්‍රබල ඇමැතිවරයෙකු කලකිරීමෙන් පසුවන බවට ප්‍රසිද්ධියේම අදහස් පළ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම ආසන සංවිධායක, කැබිනට් වෙළෙඳ අමාත්‍ය ධූරය හොබවන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.

මේක කුමන්ත්‍රණයක්!

දැඩි කතාබහකට ලක්වූ සතොස සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන්නේ.

ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුවේ පාර්ශවයෙන් සාධාරණයක් ඉටු නොවුනහොත් දේශපාලනයෙන් සමුගන්නා බවයි. 

තමාට අයත් නොවන ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් කිසිදු අදහසක් පළ නොකර නිහඬව සිටින බවද අමාත්‍යවරයා පැවසුවා.

දුවන මිනිස්සු තමා වැටෙන්නේ

සහල් මිල සම්බන්ධයෙන් ඉකුත් සමයේ දිගින් දිගටම අදහස් පළ කළද තමාට අයිති නැති කාර්යයට අදහස් පළ නොකරන බවයි ඔහු පවසන්නේ.

තමාට කලින් දීර්ඝ කාලයක් වෙළද අමාත්‍ය ධූරය දැරූ රිෂාඩ් බදියුදීන්ට වචනයක්වත් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නොතිබූ බවත් දුවන මිනිස්සු තමා වැටෙන්නේ පල තියෙන ගහට තමා ගල් ගහන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරුන්ගෙන්ම විරෝධයක්

හොරු අල්ලන එකා හොරා කියන තත්වයක් නිර්මාණය කර තිබෙන බවත් තමාට විරුද්ධව කැබිනට් මණ්ඩලයේම අමාත්‍යවරුන් සිටිය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මීට කලින් තමා අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන සමයේ මිත්‍ර ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම අගමැතිවරයාට ප්‍රකාශ කර සිටියේ කෙසේ හෝ අධ්‍යාපන ඇමැති ධූරයෙන් තමාව ඉවත් කරන ලෙස බවද අමාත්‍යවරයා සිහිපත් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka