‘නින්දෙන් ඇහැරිලා’ – ‘දේශපාලන කුමන්ත්‍රණයක්’ -‘අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ’! මෛත්‍රිපාලට ආණ්ඩුවෙන් දැවැන්ත ප්‍රහාරයක්!
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටිහැටියේම අභයාරාමයට ගොස් ගුරු වැටුප් විසදීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
කොළඹදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැනි අවස්ථාවාදීන්ගෙන් ආණ්ඩුව ප්‍රවේශම් විය යුතු බවකි.
සිරිසේන මහතා වසර 5ක් තිස්සේ ජනාධිපති ධූරය දැරූ බව පෙන්වා දුන් තෙන්නකෝන් මහතා ඒ කාලය තුළ මෙම ප්‍රශ්න නොවිසදා දැන් නින්දෙන් අවදි වී මෙන් ඒ පිළිබදව කතා කිරීම පිළිගත නොහැකි බව කියා සිටියේය.
මේ වනවිට ආණ්ඩුව ගුරු වැටුප් ප්‍රශ්නය විසදීම සදහා සංවේදීව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්, ඉදිරි අයවැයෙන් ඒ සදහා අඩිතාලම දමා ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එවැනි වටපිටාවක් පැවතියදී හිටපු ජනාධිපතිවරයා සිදු කරන අවස්ථාවාදී දේශපාලනය පිළිබදව ආණ්ඩුව මෙන්ම ජනතාවද විමසිල්ලෙන් සිටිය යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙය හරියට පියා ලෙඩ ඇදේ සිටියදී දරුවන් පැමිණ දේපොළ ලියා ගැනීමට ගන්න උත්සාහයක් වැන්නක් බවද තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.
‘නින්දෙන් ඇහැරිලා’ – ‘දේශපාලන කුමන්ත්‍රණයක්’ -‘අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ’! මෛත්‍රිපාලට ආණ්ඩුවෙන් දැවැන්ත ප්‍රහාරයක්!
2021-10-07T11:49:00+05:30
Gossip Lanka Hot News





