ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් සහ ආඥා පනත් 05ක් සංශෝධනය සඳහා අනුමැතිය
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් 05ක් සහ ආඥා පනත් සංශෝධනය කිරීම සදහා වන කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍යවරයා , රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කල ඒකාබද්ධ යෝජනාවකට අදාළයි.
දේශිය කෘ’ෂිකර්මාන්තය සහ දේශීය කිරී නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා ගව ඝාතනය තහනම් කිරීමටත් ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද නීති සශෝධනය කිරීමටත් අනුමැතිය හිමි වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් 28 වනදායි.
ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් සහ ආඥා පනත් 05ක් සංශෝධනය සඳහා අනුමැතිය
2021-10-19T13:27:00+05:30
Gossip Lanka Hot News







