gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නිරූපමාගෙ පැන්ඩෝරා සල්ලි ගැන සහ රාජපක්ෂ-වික්‍රමසිංහ-කබ්රාල්ලාගේ මහා ගනුදෙනු ගැන අනුර හෙළි කරයි - (video)

රාජපක්ෂවරුන්ගේත්, රනිල් වික්‍රමසිංහගේත්, අජිත් නිවාඩ් කබ්රාල්ලාගේත් රහස් ගනුදෙනු පිළිබදව ජනතා විමුක්ති පෙරමූණේ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් කළේය. පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කළ නිරූපමා රාජපක්ෂ මහත්මීයගේ රහස් ගනුදෙනු පිළිබද අදහස් දක්වමින් දිසානායක මහතා මේ බව කීය.

එම ලේඛනවල සදහන් තිරුකුමාර් නඩේසන්ගේ නම මල්වානේ ආන්දෝලනාත්මක ඉඩමේ ඔප්පුව පවතින බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහ රෑ බලය හුවමාරු කර ගැනීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා සමග යන්නේ තිරුකුමාර් නඩේසන් බවත් දිසානායක මහතා අනාවරණය කළේය.

අමෙරිකාව මගින් අත්අඩංගුවට ගෙන සිරගත කළ ඉමාඩ් සුබේරි හට නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධූරය දැරූ සමයේ ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇති බව කී ඒ මහතා මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වෙන බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම නිව්යෝක් ටයිම්ස් පුවත්පත වරක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට චීනයෙන් මුදල් ලබා දුන් බව හෙළිකරද්දී මහින්ද රාජපක්ෂ මහතා එම පුවත්පතට නඩු දමන බව කීවත් අදවන තුරු එවැන්නක් සිදුව නැති බවද දිසානායක මහතා කීය.

මෙය දූෂිත රාජ්‍යයක් බවද ඒ මහතා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka