gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ෂයිලොක්ලා නොවී මේක පිළිගන්න" - ගුරු වැටුප් වැඩිවෙන හැටි විමල් පියවරෙන් පියවර පෙන්වා දෙයි (video)

රටේ සමස්ත ගුරු ප්‍රජාවගේ අභිමානය කෙලසීමට කිසිඳු වෘත්තිය සමිතියකට හෝ බලවේගයකට නොහැකි බවත්, මේ රටේ ගුරුවිදුහල්පතිවරුන් අනිසි ලෙස මෙහෙයවීමට එම වෘත්තිය ව්‍යාපාරවලට නොහැකි බවත්, ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සත්‍ය  තත්ත්වය රටට හෙළිකළ පසුව ගුරු විදුහල්පතිවරු වෘත්තිය ව්‍යාපාරවලට අවශ්‍ය ලෙස නොව සාධාරණ ලෙස සිතා මෙරට සිසු දරුවන්ගේ අධ්‍යාපනය දෙස බලනු ඇති බවත්, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“ගුරු, විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම – ඇමැති කමිටුව පැහැදිලි කරයි” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සැප්තැම්බර් 01 දා (අද) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් එසේ අසුභවාදී ලෙස කල්පනා කළ යුතු නොමැති බවත්, ඔවුන් සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනු ඇති බවත්ය.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සියලුම නිර්දේශ ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් බවත්, ගුරු සේවාව, ගුරු උපදේශක සේවාව සහ විදුහල්පති සේවාව යන සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් 2021 නොවැම්බර් මස 20 දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම යන තීරණයද කැබිනට් මණ්ඩලය විසින් ගත් බවත්, අමාත්‍යවරයා පැවසීය.

ගුරු, ගුරු උපදේශක හා විදුහල්පති සේවාව එකට එක්කොට සංවෘත සේවාවක් ලෙස සැකසීමේදී නව සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවත්, ගුරු උසස්වීම් සම්බන්ධයෙන් පැහැදිළි විය යුතු බවත්, මෙම නව සංවෘත සේවයට අධ්‍යාපන පරිපාලන සේවය අයත් නොවන බැවින් මෙම සේවා 03 එක්කොට සකසන නව සේවාවෙන් අධ්‍යාපන පරිපාලන සේවයට යෑමට හැකි ආකරය සකස් කළ යුතු බවත්, එයට ගැලපෙන ලෙස අධ්‍යාපන පරිපාලන ව්‍යවස්ථාව සකස් කළ යුතු බවත්, මෙවැනි සංකීර්ණ තත්වයක් තිබෙන බැවින් නොවැම්බර් 20ට පෙර අවසාන වශයෙන් ගැසට් නිවේදනය ප්‍රකාශ කළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

ගුරු, ගුරු උපදේශක හා විදුහල්පති සේවය එකට එක්කොට සංවෘත සේවයක් කිරීම තුළින් ගුරු විදුහල්පතිවරුන් බලාපොරොත්තු වන සේවා සාධාරණය ඉටු වන බවත්, මෙහි වැදගත්ම දෙය වන්නේ එය බවත්, මීට අමතරව ගුරු විදුහල්පති සේවය සදහා වැටුප් විෂමතා ඉවත් කිරීමට 2022 අය වැය මගින් අදියරගතව වැටුප් සංශෝධන සිදු කිරීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව විදුහල්පති තනතුරේ 3ශ්‍රේණිය 20% කින් වැටුප් වැඩිවන බවත්, විදුහල්පති සේවයේ 2 ශ්‍රේණියට 22%ක ප්‍රමාණයකින් වැටුප් වැඩිවන බවත්, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1වන ශ්‍රේණිය සඳහා 25%කට වඩා වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ගුරු සේවයේ 3 වැනි ශ්‍රේණිය II සඳහා 13.52%ක පමණ වැඩිවීමක් බවත්, ගුරු සේවයේ 3 වැනි ශ්‍රේණිය 1-C සඳහා 16%කට අධික ප්‍රමාණයකින් වැඩිවන බවත්, මීට පහළ තිබෙන තනතුරු සඳහා 19%ක පමණ ප්‍රමානයක වැඩවීමක් තිබෙන බවත්, ගුරු සේවයේ 3 වැනි ශ්‍රේණිය I-A සඳහා 20.43% කින් වැඩිවන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැටුප් වැඩිවීම මහ භාණ්ඩාගාරයට දරාගැනීමට හැකිවන ලෙස ලබා දෙන්නේ කෙසේද යන්න නිර්ණය කිරීම සඳහා විවෘත ඉඩක් තිබෙන බවත්, ලබා දිය හැකි හොඳම ආකාරය අයවැයේදී සඳහන් කරනු ඇති බවත්, කැබිනට් අනුකමිටුව මගින් කළ නිර්දේශ මත වූ වැටුප් වැඩිවීම 2022දී වැඩිවන ආකාරයට ලබා දී ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව කළ නිර්දේශද මාස 06ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර ඇති බවත්, අනෙකුත් සියලුම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සභාවල විෂයය භාර පිරස සමඟ සාකච්ඡා කර නිර්ද්ශ ලබාගැනීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ඇති බවත්, විමල් වීරවංශ මහතා පැවසීය.

එමෙන්ම රටේ පවතින කොවිඩ් තත්වය යටතේ ගුරුවරුන්ට සිසුන් වෙනුවෙන් ඔන්ලයින් මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ ලබාදීම සඳහාද කැබිනට් අනුකමිටුව යෝජනා කර ඇති බවද අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka