gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පරාක්‍රම සමුද්‍රයෙන් කෘෂිකර්මාන්තයට වැඩක් නෑ... ජොගින් ට්‍රැක් හැදෙන එක‍ හොඳයි – වෙඬරුවේ උපාලි

පො‍ළොන්නරුව යනු, තවදුරටත් ගොවි ජනපදවලින් පිරි කෘෂිකාර්මික නගරයක් නොවන බැවින් පරාක්‍රම සමුද්‍රය වැනි ස්ථාන සංචාරක ආකර්ශනය සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීමේ කිසිදු ගැටලුවක් නොවන බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඬරුවේ උපාලි නාහිමි පවසනවා. පොළොන්නරුව නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම වඩාත් ගැලපෙන බවයි අනු නාහිමියෝ පවසන්නේ.

පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත ඇවිදින මංතීරු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් උපාලි නාහිමි මේ බව පවසා තිබේ.

අදාල ව්‍යාපෘතියට සියලු රාජ්‍ය ආයතනවල අනුමැතිය හිමිව තිබෙන බැවින් ඊට විරෝධය පළ කිරීමට පෙර ව්‍යාපෘතිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත යුතු බවත්, කිසිදු අවබෝධයක් නොමැතිව සංවර්ධන කටයුතු සඳහා විරුද්ධ වීම නොගැලපෙන බවත් වෙඬරුවේ උපාලි හිමි පෙන්වා දෙනවා. ආවේගශීලී නොවී කරුණු කාරණා වටහාගෙන කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බවද උන්වහන්සේ සඳහන් කරනවා.

තවදුරටත් රට ගමන් කරන්නේ කෘෂිකර්මාන්තයෙන් නොවන බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බවත්, රටේ අනාගතය උදෙසා සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම අතිශය වැදගත් බවත් පෙන්වා දෙන උපාලි හිමි පවසන්නේ පොළොන්නරුව නගරය ලොවපුරා සංචාරකයන් බොහෝ දෙනාගේ ආකර්ශනයට ලක් වූ නගරයක් බවයි. එවැනි නගරයක් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමාණවත් පහසුකම් සැළසීම කිසිදු ගැටලුවක් නොමැති බවද අස්ගිරි අනු නාහිමි පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka