අපි හොඳටම කළා! ආණ්ඩුවෙන් තානාපතිවරුන්ට පිටු 13ක විශේෂ ලියුමක්!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ජිනීවාහිදී ආරම්භ වීමට නියමිතව තිබියදී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් මෙරට සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ඇතුලු විදෙස් තානාපතිවරුන් හට පිටු 13ක විශේෂ ලිපියක් යොමු කොට ඇති බව වාර්තා වේ.
එම ලිපිය මගින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග දීර්ඝව විස්තර කොට ඇති බව දැනගන්නට ඇත.
විශේෂයෙන් අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ තොරතුරු, එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීීමේ කටයුතු, ත්‍රස්ත විරෝදී පනත සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු කරුණු ගණනාවක් ඇතුළත් කොට ඇති බව පැවසේ.
එමෙන්ම ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාවේ කරුණු ප්‍රතික්ෂේප කිරීමටද විදේඔ අමාත්‍යවරයා සිය ලිපිය මගින් කටයුතු කොට ඇත.
අපි හොඳටම කළා! ආණ්ඩුවෙන් තානාපතිවරුන්ට පිටු 13ක විශේෂ ලියුමක්!
2021-09-05T19:50:00+05:30
Gossip Lanka Hot News






