අපි කියන දේවල් ආණ්ඩුව අහන්නෙ නෑ... යුගදනවි ගිවිසුම වලකන්න බැරිවුවේ අපට බලයක් නැති නිසා - වාසුදේව
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම වැළකීමට නොහැකි වූයේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නැති නිසා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
අදාළ ගිවිසුම අත්සන් කිරීමේ දී කැබිනට් මණ්ඩලය ද එහි අන්තර්ගතය නොදන්වා අත්සන් කළ එකක් බවත් පවසන ඔහු තමන් ද එම ගිවිසුම දැක නැති බවද පැවසීය.
මෙම ගිවිසුමට විරුද්ධව හවුල්කාර පක්ෂ මතු කරන කරුණු නොසලකන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනමතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කියා සිටියි.
‘එක්තරා වෙලාවක වතුර උණුවෙලා උතුරන වෙලාවක් එනවා’ යැයි ද ඔහු සඳහන් කළේ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
අපි කියන දේවල් ආණ්ඩුව අහන්නෙ නෑ... යුගදනවි ගිවිසුම වලකන්න බැරිවුවේ අපට බලයක් නැති නිසා - වාසුදේව
2021-09-29T06:59:00+05:30
Gossip Lanka Hot News






