gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරක්කු ගේන්න යන කෙනා අල්ලන්න බෑ… හාල් කිලෝ එකක් ගන්න යන කෙනා අල්ලන්න පුලුවන්… මෙහෙම නම් රස්සාව කරන්න බෑ! - උපුල් රෝහණ

දිවයිනපුරා මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම හේතුවෙන් තමන්ටද වෙළඳසැල විවෘත කිරීමට අවසර ලබාදෙන්නැයි ඉල්ලා දිවයින පුරා වෙළදසැල් හිමියන් දීගින් දිගටම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සමග ගැටුම් ඇතිකර ගැනීමට පටන් ගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා කිසිදු අවසරයක් ලබා දී නොමැති පසුබිමක මත්පැන් අලෙවිසැල් විවෘත කළේ කාගේ වුමනාවකට කාගේ අනුදැනුමක් මතද යන්න පිලිබඳව තම සංගමය නොදන්නා බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන කාලයතුල මිනිසුන් මත්පැන් මිලදී ගැනීමට යැයි පවසමින් පාරේ ගමන් කරන බැවින් ඔවුන්ට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට නොහැකි නමුත් කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමට යැයි පවසමින් පාරේ ගමන් කරන පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කිරීමට අවසර තිබීමද පුදුමයට කරුණක් යැයි සභාපතිවරයා කියයි.  

‌මෙවැනි නීති රාමුවක් යටතේ රාජකාරී කිරීම ඉතාමත් අපහසු වී ඇතැයිද මෙහි අවසාන ප්‍රතිපලය ලෙස සිදුවිය හැක්කේ නැවත රටම වෙලා ගන්නා කොවිඩ් 5වන රැල්ලක් ඉතා ඉක්මනින්ම ඇතිවන බවක් යැයිද හෙතෙම අවධාරණය කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka