gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ඉන්ධන මිල තවත් දරන්න බැරිවුණොත් ජනතාවට භාරදෙන්න වෙනවා’- ඉන්ධන මිල වැඩිවීමක ඉගි!

අගෝස්තු මස 31 වනදා වන විට තෙල් සංස්ථාවට බිලියන හැත්තෑවක අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඩොලරයේ අගය ඉහල යාම සමගම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යමින් ඇතැයිද ඒ මහතා පේනාවා දෙයි.

මෙය තවදුරටත් දරා ගත නොහැකි වූවොත් එය ජනතාවට භාර දීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

යමක් 108 වතාවක් ජප කලොත් ඒක ඇත්තක් වෙනවා කියා පුරාණ ගැමි විශ්වාසයක් තිබෙනවා. දැන් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ තෙල් හිඟයක් ඇති වන බව විපක්ෂයේ මන්ත්‍රිවරු ජප කරන්නේ එහෙම කිව්වාම ඇත්තටම තෙල් හිඟයක් ඇති වේවි කියන අන්ධ විශ්වාසයයෙන් බවයි පේන්නේ. විපක්ෂයට අවංකවම ප්‍රශ්ණයක් තියෙනවා. රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වුණාම මුලින්ම ඇතිවෙන්න ඕනෑ තෙල් හිඟය. ලෝකයේ අනික් රටවල උනෙත් එහෙමයි. මේ මොහොතේ වෙමින් පවතින්නේ ද එහෙමයි. අපේ සමස්ථ ආනයන වියදමින් 20% වඩා වැය වන රටේ ප්‍රධානම ආනයන භාණ්ඩය ඉන්ධන. ඒ වගේම තෙල් කියන එක ආවට ගියාට කඩෙන් ගේන්නත් බැහැ. මාස ගාණක් පුරා ලෑස්ති වෙන්නට ඕනේ. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ පාන්නේ තෙල් හිගයකට. ඉතින් ඒක උනේ නැති නිසා අනේ වෙයන් අනේ වෙයන් කියමින් විපක්ෂය ජප කරමින් ඉන්න බවයි අපිටනම් පේන්නේ.

ගරු විපක්ෂ නායකතුමා අගෝස්තු 10 දිනත්, ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රිතුමා ජූලි 19, අගෝස්තු 31 සහ සැප්තැම්බර් 25 දිනවලත්, මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමා අගෝස්තු 18 දිනත්, පාඨලි චම්පික මන්ත්‍රිතුමා ජූලි 21 දිනත් සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ජූලි 15 දිනත් නුදරු දිනක ලංකාවේ තෙල් හිඟයක් ඇති වන බවට අනාවැකි පල කලා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් තුන් පාරක්ම කිව්වා. අවසානයට කිව්වේ පසුගිය සඳුදා. තමුන්නාසේලාගේම මාධ්‍ය වල පරන ප්‍රවෘත්ති වලට ගිහින් බැලුවොත් අපිට පේනවා නුදුරු දිනකදී වෙනවා කියන්නේ මාස තුනක ඉදලයි. එහෙම එකක් වුනේ නැහැ. එහෙම නොවෙන තත්වයට වග බලා ගැනීම තමයි අපේ වගකීම වෙන්නේ.

ඔක්තෝම්බර් 1 දා දක්වා රට වසා දැම්මේ ඉන්ධන හිඟය ඇති වීම මග හැරීමට බවටත් සමහරු කියනවා.ඔක්තෝම්බර් 1 දා දක්වා රට වහන්න කියන ඉල්ලීම කලේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් වෛද්‍ය විද්‍යාත්මකව කරුණු දක්වමින්. ඒ පිළිබදව කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගැඹුරින් සලකා බලලා ඔක්තෝම්බර් 1 දා දක්වා රට වසා දැමිය යුතුයැයි තීන්දු කලා. ඔක්තෝම්බර් 1 දා දක්වා රට වසා දමන්නැයි ඉල්ලීමක් කරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට මම කිසිම බලපෑමක් කලේ නෑ කියලා ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. රට වහන්නට කලින් විපක්ෂයේ ප්‍රධානතම සටන් පාඨය වුනෙත් රට වහන්න කියන එකයි. විපක්ෂය විසින් දිගින් දිගටම රට වසා දමන්නැයි ආණ්ඩුවට බලපෑම් කලෙත් ඉන්ධන හිඟය ඇතිවීම වැලැක්වීමට දැයි අපි ප්‍රශ්න කරනවා. ඒ නිසා රට වැසීම පිලිබඳ කාකතාලිය න්‍යායෙන් බොරු ඇද බාන්න එපා කියා විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය මාස වල විදේශ විනිමය හිඟයකට අපි මුහුණ පෑවාත් සීමිත විදේශ විනිමය ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සඳහා වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කල නිසා ඉන්ධන හිඟයක් ඇති වුණේ නෑ. සෑම මසකම ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 200 බැගින් අපට ලබා දීමට නව මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පෑවත් ඛණිජ තෙල් ආනයනයට ඉන් කිසිම බලපෑමක් සිදුවන්නේ නෑ කියන එක අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්.

ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව පෙට්‍රල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මේ වසරේ නොවැම්බර් මාසය දක්වා අඛණ්ඩව ඩීසල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මම පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ ඛනිජතෙල් සහ ගෑස් අමාත්‍ය හර්දීප් ශ්‍රී පූරි මැතිතුමාගෙන් ඉල්ලීමක් කලා. අපේ රටේ තිබෙන විදේශ විණිමය අර්බූදය නිසා ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක ස්ථාවර ණය පහසුකමක් ඉල්ලුවා. ඉන්දියාව ඒක අනුමත කලා. අපේ මුදල් අමාත්‍යාංශයෙන් ඒක අනුමත කලාම දෙසැම්බර් මාසයේ සිට ඩිසල් ගේන්න ඒ පහසුකම භාවිතා කරන්න පුළුවන්.

ඛනිජතෙල් සංස්ථාව දිගු කාලයක් තිස්සේ එකම සැපයුම්කරුවන් පිරිසකගෙන් ඛනිජතෙල් මිල දී ගන්නවා කියා චෝදනාවක් තිබුණු නිසා අපි කොන්දේසි ලිහිල් කරලා අළුත් සැපයුම්කරුවන්ට ලියාපදිංචි වෙන්න අවස්ථාව සැලැස්සුවා. එහෙම ආපු අළුත් සැපයුම්කරුවෙකු බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය දිනා ගෙන නිසි දිනට ලබා දීමේ දුෂ්කරතාවයක් තිබෙන බව දැනුම් දුන්නා. අපි ඒකට විකල්ප වැඩපිලිවෙලක් යෙදුවා. බොරතෙල් වල එකම පාරිභෝගිකයා ඛනිජ තෙල් සංස්ථාව නිසා බොර තෙල් හිඟයක් ඇති වුනත් එයට ජනතාව කලබල විය යුතු නෑ. එමෙන්ම එවැනි හිඟයක් ඇති නොවන බවට අප වගබලා ගෙන තියෙනවා.

මේ දිනවල එංගලන්තයේ නම් පෙට්‍රල් හිඟයක් තිබෙනවා. ඒ වගේම ඩීසල් හිඟය නිසා දින ගණනාවක් ලෙබනනයේ වාහන ගමනාගමනය නැවතුණා විතරක් නොවේ, රටම අඳුරේ ඉන්න සිදුවුණා විදුලිය නිපදාවා ගන්න බැරුව. සුනිල් පෙරේරා මැතිතුමා ජීවතුන් අතර සිටියා නම් කියයි “එංගලන්තේ එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ” කියා.

පසුගිය දිනවල මමත් අමාත්‍යාංශ ලේකම් තුමියත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමාත් විදේශ සංචාරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අසර්බයිජාන් සහ ඉරානය යන රටවල බලශක්ති ඇමතිවරු හමුවෙලා අපේ රටේ තෙල් ගවේශනයට පැමිණෙන මෙන් ආරාධනා කලා. ඒ වගේම ගෑස් ටෙක් සමුළුවේදී අපි අදහස් දක්වලා ඛනිජතෙල් ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන එක්සොන් මොබිල් වැනි සමාගම් සමගත් ලංකාවේ තෙල් ගවේශනය පිලිබඳ සාකච්ඡා කලා. ඒ නිසා මේ වසර අග දී අප බලාපොරොත්තු වෙන ඛනිජතෙල් ගවේශනයට ලංසු කැඳවීමේ දී සාර්ථක ප්‍රතිඵල දකින්නට පුළුවන් වේවි කියලා අපට දැන් විශ්වාසයක් තියෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka