නිරෝධායන ඇඳිරි නිතිය තවත් සතියකින් දීර්ඝ කරයි
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැනට පනවා ඇති සංචරණ සිමා නැවතත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනා. ඒ අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් සැප්තැම්බර් මස 13 වෙනිදාදක්වා දීර්ඝ කර තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් අගෝස්තු 20 වෙනිදා සිට 31 වෙනිදා දක්වා නිරෝධායන ඇඳිරි නිතිය පනවනු ලැබූ අතර පසුව අගෝස්තු 28 වෙනිදා එය නැවතත් සැප්තැම්බර් මස 06 වෙනිදා දක්වා දීර්ඝ කරනු ලැබුවා.
නිරෝධායන ඇඳිරි නිතිය තවත් සතියකින් දීර්ඝ කරයි
2021-09-03T14:07:00+05:30
Gossip Lanka Hot News






