‘ඉස්සරහට බලාගමු’-‘පරෙස්සම් වෙන්න’ - සතොසේ වංචා හෙළිකර ඉල්ලා අස්වූ තුෂාන්ට දිගටම තර්ජන!
පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතාට දුරකතන මාර්ගයෙන් විවිධ තර්ජන එල්ල වෙමින් ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ගුණවර්ධන මහතා පැවසූවේ සිය ජංගම දුරකතනයට “වට්ස් අප්” පණිවිඩ ඔස්සේ විවිධ තර්ජන කිරීම් දිගටම කෙරෙන බවයි.
” ඉදිරියේදී බලාගමු” , “පරිස්සම් වෙන්න”යනාදි වශයෙන් මෙලෙස තර්ජනය කිරීම් කෙරුණු බවද මේ තර්ජන කිරීම් සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද තුෂාන් ගුණවර්ධන මහතා පැවැසූවේය.
‘ඉස්සරහට බලාගමු’-‘පරෙස්සම් වෙන්න’ - සතොසේ වංචා හෙළිකර ඉල්ලා අස්වූ තුෂාන්ට දිගටම තර්ජන!
2021-09-27T13:25:00+05:30
Gossip Lanka Hot News






