gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි

අද (17) දිනයේ සිට බීර වර්ග අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පවසනවා. කෙසේවෙතත් මත්පැන් අලෙවිසැල් විවෘත කරන බවට පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබූ අතර ඒ අසල දිගු පෝලිම් ද දක්නට ලැබුණා.

කෙසේවෙතත් විදේශීය සංචාරකයින් සඳහා සංචාරක හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කරලීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා විසින් පසුගියදා (12) අවසර ලබාදෙනු ලැබුවා.

ජෛව සංචාරක බුබුළු සංකල්පය යටතේ විදේශීය සංචාරකයින්ට මෙරටට පැමිණීමටත්, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල්වල නවතා ගැනීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අවසර ලබාදී තිබුණා.

එසේ පැමිණෙන විදේශීය සංචාරකයින් වෙනුවෙන් එම සංචාරක හෝටල්වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ සඳහන් කළේ.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වූ වහාම සෙසු ව්‍යාපාරික ස්ථාන සමඟ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථානද විවෘත කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

දිගු කාලයකට පසුව විවෘත කිරීමේදී මත්පැන් අලෙවි කරන ස්ථාන ඉදිරිපිට පාරිභෝගිකයින් ඒකරාශි වීම සහ අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බවයි එම නිවේදනයේ දැක්වුණේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka