gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අසහාය ගායන පෞරුෂයකින් හෙබි ‘ඔහු’ නික්මගිය අයුරු - (video)

කණ්ඩායම් සංගීතයේ දැවැන්තයකු වූ ’ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු ඊයේ (6) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කළා.

පවුලේ පිරිස හා තවත් සමීපතමයන් පමණක් ඊට සහභාගිවී සිටියා.

කොරෝනා වයිරසය ආසාදනය වී ඉතා අසාධ්‍යව ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා නිවසට ගොස් සිටියදී යළි ඇතිවූ හදිසි රෝග තත්වයක් හේතුවෙන් ඉකුත් දා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී  දිවියෙන් සමුගත්තා.

පෙනහළු ආශ්‍රිත ආසාත්මිකතාවක් සමඟ ඇතිවූ නියුමෝනියා තත්වය ඔහුගේ මරණයට හේතු වී ඇති අතර මිය යන විට 68 හැවිරිදි වියෙහි පසු වුණා.

සුනිල් පෙරේරා කලාකරුවා දූ දරුවන් 4 දෙනකුගේ පියෙක් වන අතර ‘ඩැඩි’ සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා එක් අයෙකි.

1952 සැප්තැම්බර් 14 වැනිදා උපත ලද සුනිල් පෙරේරා මහතා අධ්‍යාපනය ලැබුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේයි.

වයස අවුරුදු 11දී සංගීත ක්ෂේත්‍රයට එකතු වන ඔහු ජිප්සීස් සංගීත කණ්ඩායම් ශිල්පියකු බවට පත්වන්නේ 1969 වසරේදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka