gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන තරගය පාවා දුන්නද? තීන්දුව ප්‍රකාශයට පත්කරයි

2011 වසරේ දී ඉන්දියාවේ පැවැති අන්තර්ජාතික ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉන්දියානු කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා තරඟ පාවා දුන්බවට මීට පෙර චෝදනා එල්ල වුණා.

මෙම චෝදනාව එල්ල කරන ලද්දේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.

ජාත්‍යන්තරය තුළ පවා දැඩි කතාබහකට ලක්වූ මෙම ප්‍රකාශය නිසා හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට නියෝගයක් ද ලබාදී තිබුණා.

මෙම නියෝගය කරන ලද්දේ මහින්දානන්ද මහතා විසින් තරඟ පාවා දීමේ ප්‍රකාශය කරන සමයේ සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වූ ඩලස් අලහප්පෙරුම මහතා විසින්.

ඒ අනුව විශේෂ පොලිස් ඒකකය සිය පරික්ෂණ ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2011 ලෝක කුසලාන කණ්ඩායමේ ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ උපුල් තරංග වැනි ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළා.

ඒ පමණක් නොව එකළ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කර තිබුණා.

පසුව මෙහි කරන ලද විමර්ශන වාර්තාව නීතිපතිවරයාට ඉදිරිපත් කර තිබූ අතර එහිදී නීතිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශය පදනම් විරහිත එකක් බවයි.

එමෙන්ම මෙම සිදුවීම අතීතයට බලපාන සිදුවිමක් බැවින් විමර්ශන ඉදිරියට කරගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බවද ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව පරික්ෂණ පවත්වන ලද ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් සිය පරික්ෂණ නවතා දමා තිබෙනවා.

2011 වසරේ අප්‍රේල් 02 වැනිදා ඉන්දියාවේ මුම්බායි හී වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරඟ වැදුණා.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 06ක් දැවී ලකුණු 274ක් රැස් කළ අතර නායක කුමාර් සංගක්කාර විසින් ලකුණු 48ක් සහ මහේල ජයවර්ධන විසින් ලකුණූ 103ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු කණ්ඩායම කඩුළු 04ක් පමණක් දැවී නියමිත ඉලක්කය ලබාගනිමින් ලෝක කුසලානය හිමිකරගනු ලැබුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka