මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් මහතා හට කැබිනට් ඇමැති බලතල ලබා නොදෙන බවත්, එසේ බලතල දීමේ හැකියාවක් නොමැති බවත් පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කැබිනට් තනතුරක් යනු විධායකය නියෝජනය කරන තනතුරක් බවත්, එය ඇමැතිවරයෙකුට පමණක් ලැබෙන එකක් බවත් කාරියවසම් මහතා කියා සිටියේය.
පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
