මන්නාරම සභාපති ගෙදරම යවයි! මන්ත්‍රීකමෙනුත් පන්නයි!
නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් පහකර තිබේ.
ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය.
ඊට අමතරව ඔහුව ප්‍රාදේශීය සභාවේ සාමාජිකත්වයෙන් ද පහකර තිබේ.
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.
මන්නාරම සභාපති ගෙදරම යවයි! මන්ත්‍රීකමෙනුත් පන්නයි!
2021-09-13T22:04:00+05:30
Gossip Lanka Hot News





